රක්ෂිතයේ පංදිචි කරුවන්ට නව නිවාස ....
කැළණිවැලි දුම්රිිය මාර්ගය සංවර්ධන කිරිමේ අරමුණින් කැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ ලොකෝ මන්සංදියේ සිට සීවලිපුර පාසල් පටුමග කොටසෙහි පදිංචි නිවාස ඒකක 260ක පදිංචි කරුවන් පිරිසක් හා ප්‍රධාන මාර්ගයේ කැළණිවැලි පැරණි දුම්රිය පාලම ඕස්ට්‍රියානු රජයේ ණය ආධාර මත ලැබෙන නව පාලමකින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් බලපෑමට ලක්වන නිවාස ඒකක 23 ක පදංචි කරුවන් පිරිසක් තෝරාගෙන ඹවුන් හට වෙනත් ස්ථානයක නිවාස ලබාදීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව ඔවුන්ගෙන් යතුරු ලබාදීමේ 3 වන කණ්ඩායම ලෙස නිවාස ඒකක 30 ක පුද්ගලයින්ගෙන් සංකේතාත්මක කරමින් නිවාස ඒකක 10 ක් සදහා යතුරු භාරදීම ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ සුරතින් අද 04 වන දින ප්‍රවාහන අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේදී සිදුවුණි.
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල දිනෙන් දින ඉහල යන මාර්ග තදබදයට සහ මගී ජනතාවගේ ගමන් පහසුකම් සපුරාලීම සඳහා ලබා දිය හැකි ලාභදායී, පරිසර හිතකාමී හා තිරසාර විසඳුම් ලෙස දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය කල යුතු බවට වන රජයේ තීරණයට අනුව ප්‍රවාහන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා දුම්රිය සේවය එක්ව කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී විශේෂ කරුණක් වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා දුම්රිය කේෂ්ත්‍රය සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය දායකත්වය ලබා දීමට ඉදිරිපත්වී තිබීමයි.
හයිලෙවල්, ලෝලෙවල් හා හොරණ මාර්ග පථයන් ඔස්සේ කොළඹ නගරයට පිවිසීමේ දී වර්තමානයේ ඇතිවී ඇති වාහන තදබදයට කාලීන හා තිරසාර විසදුමක් ලබාදීම කඩිනම් කිරීම සදහා කැළණිවැලි දුම්රිය මාර්ගය හැකි ඉක්මනින් සංවර්ධනය කල යුතුය යන රජයේ තීරණය අනුව කැළණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට පාදුක්ක දක්වා කොටසෙහි ශාක්‍යතා අධ්‍යනය සහ සවිස්තාරාත්මක ඉංජිනෙරුමය සැලසුම් මෙ වන විට සකස් කොට අවසන් වී ඇත.
විවධ වූ සාමාජීය, ආර්ථීක,පාරිසරික හා තාක්ෂණික කරුණු ගැඹුරින් සලකා බැලීමෙන් අනතුරුව තව දශක කිහිපයක මගී ඉල්ලුමට සරිලන ලෙස කාර්ය බහුල වේලාවන් වලදී විනාඩි 7 කට පමණ වරක් විදුලි දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇත.තවද ඉතා ජනාකීර්ණ නාගරික ප්‍රදේශයන් හරහා දුම්රිය මාර්ගය වැටී ඇති නිසාත් විශාල දුම්රිය හරස් මාර්ග ප්‍රමාණයක් ඇති නිසාත්දුම්රිය රක්ෂිතය තුළ සමාන්තර මාර්ග කි.මී 9 ක් පමණ ප්‍රමාණයක් ඇති නිසාත් දුම්රිය පොළොව මතින් ගමන් කිරීමේ දී ඇතිවිය හැකි මාර්ග තදබදයද එලෙස ගමන් කිරීමේදී ව්‍යාපාරික ස්ථාන හා ඉඩ කඩම් ආදී දේපල වලට සිදුවන බලපෑමද සැලකිල්ලට ගෙන මරදාන සිට මාලපල්ල දක්වා කි.මී.19 ක් මෙම දුම්රිය මාර්ගය කණුමත දිවෙන ද්විත්ව විදුලි දුම්රිය මාර්ගයක් ලෙස ඉදිකිරීමට යෝජනා කර ඇත.
මෙහිදී අනෙක් සුවිශේෂීම කරුණ වන්නේ මරදාන සිට පාදුක්ක දක්වා කොටසෙහි දුම්රිය රක්ෂිතය තුළ අනාරක්ෂිත ලෙස පදංචි වී සිටින පුද්ගලයින් ජීවත් වීමට නුසුදුසු එම පරිසරයෙන් ඉවත් කොට වඩාත් ආරක්ෂික සුව පහසු නිවාස තුළ නැවත පදිංචි කිරීම තුලින් ඔවුනට ඉහළ ජීවන මට්ටමක් ලඟා කර ගැනීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව වෙනුවෙන් දොරගුළු විවර කර දීමයි.
තවද මෙම ක්‍රියාදාමය තුලින් යෝජිත සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය ඉඩකඩ විවර වෙනවා මෙන්ම කැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතය තුළඇති ඉතා ඉහළ වානිජ වටිනා කමක් ඇති භුමිය ඉහළ වාණිජ වටිනාකමක් ඇති වෙනත් තිරසාර සංවර්ධන කාර්යයන් සදහා භාවිතා කිරීමේ ඉඩ ප්‍රස්ථාවද හිමිවේ. ඒ අනුව ඔවුන් නැවත පදිංචි කිරවීම සදහා අවශ්‍ය නිවාස 1244 ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ලබාගැනීම සදහා දැනටමත් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුම් ගතව ඇති අතර එහි පළමු නිවාස 384 කින් යුත් මහල් නිවාස මාලිගාවත්ත ලක්හිරු සෙවණ නිවාස සංකීර්ණයේන් දැනටමත් ව්‍යාපෘතිය වෙත ලබාදී ඇතැයිද ගාමිණි ලොකුගේ මහතා පැවසුවේය.
.මේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග,දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර,කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ එම් උපාලි මල්ලිකාරච්චි යන මහත්වරුන් ඇතුළු නිලධාරි පිරිසක් සහභාගී වූහ.
