එක් ප්‍රදේෂයක සිට කොළඹට විශේෂ බස් රථ සේවාවක්..

By Sithumi Jun 14, 2022 11:14 AM GMT
Sithumi

Sithumi

Report

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කලුඅග්ගල සිට කොළඹ ආනන්ද විදුහල දක්වා විශේෂ බස් රථ සේවයක් හෙට (15) ආරම්භ කරයි.

සාමාන්‍ය ගාස්තු යටතේ ක්‍රියාත්මක මෙම බස් රථය හෙට පෙරවරු 5.45 ට කලුඅග්ගලින් ආරම්භ වී හංවැල්ල, බෝමිරිය, කඩුවෙල, මාළඹේ, කොස්වත්ත, බත්තරමුල්ල සහ රාජගිරිය හරහා ආනන්ද විදුහල අසළින් අවසන් වීමට නියමිත බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේය