ත්‍රි'මලේ තෙල් ටැංකි 98ක් ඉන්දියාවට.අරමුණ-තෙල් ටැංකි හිමි කර ගැනීමයි
trinco
trincomalee
petroleum
ceylon petroleum corporation
sri lanka petroleum corporation
ceylon petroleum
oil tanks trinco
trinco oil tanks to be developed
trincomalee oil tanks
trincomalee sri lanka
By Gagana
චීන වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ටැංකි 98ට අදාළව නව සමාගමක් ස්ථාපිත කොට වසර 50ක කාලයකට ඉන්දියානු තෙල් සමාගමක් නොහොත් LOIC සමාගමට එම පරිශ්‍රය ලබා දීමට කටයුතු කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
Trinco Petroleum Private Limited නමැති මෙම නව පාලක සමාගමක් ස්ථාපිත කිරිමට නියමිතැයි යනුවෙන් වෘත්තීය සමිති පවසන්නේ.
මේ අතර බලශක්ති අමාත්‍යාංශයේ ජේයෂ්ඨ බලධාරියෙකු පවසනුයේ මෙම සමාගම ස්ථාපිත කරන්නේ තෙල් ටැංකි පද්ධතියෙහි සාතිශය බහුතරයක් තෙල් සංස්ථාවට නොහොත් අපේ රටට ලබා ගැනීමට බවයි.
නමුත් වෘත්තීය සමිති පවසනුයේ මෙම තෙල් සමාගම ස්ථාපිත කිරිමෙන් පසු 2002 දී සිදු වුන තෙල් සංස්ථාව සතු අලෙවි කීරීමේ,බෙදා හැරීමේ ඒකාධිකාරි බලය අහෝසී වී එය විදෙස් සමාගමකට නතු වීමේ අනතුරක් ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |