ධාවනයවෙමින් තිබූ ත්‍රීරෝද රථයක ගින්නක්

By Sithumi Apr 14, 2023 11:57 AM GMT
Sithumi

Sithumi

Report

අදට (14) යෙදී තිබෙන අලුත් අවුරුද්දට නෑගම් යමින් සිටි පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා.

ගින්නෙන් ත්‍රීරෝද රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති බවයි කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ.

  රාගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් අගලවත්ත ප්‍රදේශයට නෑගම් යමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

පුද්ගලයින් 04 දෙනෙකුගෙන් යුත් පවුලක් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටියදී කළුතර කටුකුරුන්ද හන්දියේ දී හදිසියේම ගින්න ඇතිවී තිබෙනවා. ගින්නෙන් එහි ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැති අතර ඔවුන් රථයෙන් පැන දිවි බේරාගෙන තිබුණා.