රෝදයක් ගැලවී ත්‍රීරෝද රථයක් පෙරළෙයි
By Sithumi
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවීයෑමෙන් සිදුවූ අනතුරක් අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබෙනවා.
අදාළ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවීම නිසා මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරෙන් ත්‍රීරෝද රථය පෙරළී මාර්ගයේ ලිස්සා යන අතර ඊට යටවීමෙන් රියදුරා බරපතළ තුවාල ලබා තිබුණා.
අත්තිඩිය ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ 39 හැවිරිදි රියදුරාව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බෙල්ලන්විල සිට ගල්කිස්ස දෙසට ත්‍රීරෝද රථය ධාවනය වෙමින් තිබීයදී එකවරම එහි ඉදිරිපස රෝදය ගැලවී ඇති අතර ඊට පෙරදින එම රෝදයේ සිදුකර තිබූ අලුත්වැඩියා කටයුත්තකින් පසු මෙම අනතුර සිදුවී තිබෙන්නේ.