ඔබත් පරිස්සමෙන්... කාන්තාවන් බියගන්වා කොල්ල කන කල්ලියක් සමාජයේ.. අද සිදු වූ දේ.. (CCTV VIDEO)
තලංගම පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේදී පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයින් රන්මාල සහ යතුරුපැදි සොරකම් කිරීම් සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් බවය.
සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 250ක්, රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා යතුරුපැදි දෙකක්, රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා රන්මාල පොලීසිය විසින් සොයාගෙන තිබේ. බොරැල්ල, හෝමාගම, කළුතර, මාලඹේ, පිළියන්දල, පානදුර, කහතුඩුව, මත්තේගොඩ, කඩවත, කැස්බෑව යන ප්‍රදේශවලදී සිදුවූ සොරකම් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් කාන්තාවන් ට තියුණු ආයුධ පෙන්වා බියගන්වා ඔවුන් සතු රන් ආභරණ කොල්ලකා ඇති බවය.
සැකකරුවන් මුල්ලේරියාව සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 55, 34, 27 සහ 22 යන වයස්වල පසුවන්නන්ය. අදාළ සැකකරුවන් සිදුකළ බව කියන සොරකමක් CCTV කැමරාවක සටහන්වී තිබූ අතර එම වීඩියෝව ඉහතින් දැක්වෙයි.