තමන්ට අයත් විශයන් ගැසට් කරන්න.. ඇමතිවරුන් කළ ඉල්ලීම..
රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළාක් මෙන්, ඔවුන්ට අයත් ආයතන හා විෂය පථයන් ගැසට් කර පත් කරන්නැයි හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එවිට කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් අතර ඇති වියහැකි ගැටුම් බොහෝ දුරට අවම කර ගැනීමට හැකිවනු ඇතැයිද ඔවුන් පෙන්වා දී ඇති බව දැනගන්නට තිබේ.
හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර ,ඔවුන් එහිදී මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට තිබේ.
ජනාධිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලැබී නැතැයි ද වාර්තා වේ
රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට යෝජනා වී ඇති අතර,එම පත්කිරීම් අතුරු අය වැය සම්මත කිරීමෙන් පසුව සිදුවනු ඇතැයි ද වාර්තා වේ.