විශාලතම එන්නත් තොගය ශ්‍රීලංකාවට...(photo)

srilanka srilankan guwan seanofam
By Nimal Aug 07, 2021 11:46 AM GMT
Nimal

Nimal

Report

 ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් තවත් සීනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 4 ක් චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරන ලදී.

ශ්‍රීලංකන් ගුවන් සේවට අයත් UL 1869 , UL865 සහ UL869 දරණ විශේෂ ගුවන් භාණ්ඩ යානා මගින් මෙම එන්නත් තොගය කොළඹට රැගෙන එන ලදී. ජාතික අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පසුගිය මාර්තු මාසයේ සිට ගුවන් සමාගම විසින් සීනෝෆාම් එන්නත් මිලියන 16.3 ක් සඳහා ගුවන් පහසුකම් ලබා දී තිබේ.විශාලතම එන්නත් තොගය ශ්‍රීලංකාවට...(photo) | Srilanka Srilankan Guwan

දැනටමත් ශ්‍රී ලංකාව කලාපය තුළ එන්නත් කිරීමේ ඉලක්ක වේගයෙන්ම සපුරා ගන්නා රට බවට එක්ව තිබේ. එන්නත් ප්‍රවාහනය වේගවත් කරමින් ජාතික එන්නත් කිරීමේ ව්‍යාපාරයට අඛණ්ඩව සහය ලබාදීමට ගුවන් සේවය කටයුතු කරයි.

ජාතික ගුවන් සේවයට මෙම ජාතික ප්‍රයත්නයේ කොටසක් වීම‍ට හැකි වීම පිළිබඳ ආඩම්බරයට පත්වේ. සෞඛ්‍ය සේවා පද්ධතියට අඛණ්ඩව සහය දැක්වීම සඳහා කටුනායක ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ප්‍රමුඛතා පදනම මත ගුවන් භාණ්ඩ කොළඹට මුදා හැරීම සිදුකරයි. 

මීට අමතරව, ශ්‍රී ලංකන් කාගෝ විසින් ෂැංහයි වෙත නියමිත ගුවන් ගමන් හරහා syringes සහ වෛද්‍ය උපකරණ රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් ගමනක් ක්‍රියාත්මක කරන ලදී.

ReeCha