තියුණු ආයුධයකින් පහර දී සෙබළකු මිය ගිය භයානක පුවත ...

By Sithumi Oct 09, 2022 12:04 PM GMT
Sithumi

Sithumi

Report

හබරණ සේනාධිරියාගම ප්‍රදේශයේදී තියුණු ආයුද පහරකින් යුද හමුදා සෙබළකු මියගොස් ඇතැයි හබරණ පොලිසිය කියයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සේනාධිරියාගම, පළුගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි බෝඹුගලගේ අජිත් සෝමසිරි නමැති (38) දෙදරු පියෙකි

. ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන බිරියගේ පියා දියණියට ගෙනා අයුතු යෝජනාවකට විරුද්ධවීම නිසා ඇති වූ අරවුලක් අතර තුර තියුණු ආයුද ප්‍රහාරයෙන් හමුදා සෙබලා මරුමුවට පත්ව ඇතැයි පොලිසිය කියයි.

පියාගේ උදළු පහරක් හේතුවෙන් මියගිය අයගේ බිරිය වූ සැකකරුගේ දියණිය ද දියණියගේ උදලු පහරින් තුවාල ලැබූ සැකකාර පියා ද තුවාල ලබා දඹුල්ල රෝහල් ගත කර ඇත.