තම රහස්‍ය ප්‍රදේශයේ සැත්කමක් සිදු කර තිබියදී ලිංගික ඇසුර ඉල්ලමින් වද දෙන ස්වාමියා ගැන බිරිද කළ පැමිණිල්ල.. ඇග කිලිපොලා යන කතාව
සැත්කමකින් රහස් ප්‍රදේශයේ පිළිකාවක් ඉවත්කළ තම බිරිඳගෙන් ලිංගික ඇසුර ඉල්ලා වධදෙන 67 හැවිරිදි සැමියකු පිළිබඳව වැලිපැන්න පොලිසියෙන් පරීක්ෂණ අරඹා තිබෙනවා.
වැලිපැන්න පොලිසියට පසුගිය දින පැමිණි 54 හැවිරිදි කාන්තාවක් තම 67 හැවිරිදි සැමියාට එරෙහිව මෙම පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර තමා වයස 14 වැනි වියේ පසුවන විට සැමියා තමා අකැමැත්තෙන්ම විවාහ කරගත් බවත්, මේ වන විට වසර 40 ක පමණ කාලයක් ඔහු සමග විවාහ දිවිය ගෙවන බවත්, තමාට සහ සැමියාට පුතුන් තිදෙනකු සිටින අතර වැඩිමල් පුතාට වයස 40 ක් පමණ වන බවත්, එක් පුතෙකු ආරක්ෂක අංශයේ ඉහළ නිලයක් දරන අතර, අනෙක් පුතා විදේශගත වී සිටින බවත් ඇය පොලිසියට පවසා තිබෙනවා.
සිය රහස් ප්‍රදේශයේ ඇතිවූ පිළිකාවක් නිසා සැත්කමකට භාජනය කළ බවත්, සැත්කම නිසා තමා ඉතාම අපහසු තත්ත්වයක පසුවන නමුත් තම සැමියා දිගින් දිගටම තමාට හිරිහැර කරමින් අස්වාභාවික ඇසුර අපේක්ෂා කරන බවත් ඇය පොලිසියට පැමිණිලි කර තිබෙනවා
මේ පිළිබඳව තම දරුවන්ට පැවසිය නොහැකි බැවින් පොලිසියට කියූ බව බවයි ඇය පොලිසියට පවසා ඇත්තේ.