මෙච්චර ලස්සන කෙනෙක් ඉද්දි තව අය මොකටද..? සමාජ මාධ්‍යයේ පළ වුණු සත්‍ය සිදුවීම...
මෙය ඔබ කියවිය යුතුම. ෆේස්බුක් එකේ පලවුණු සත්‍ය සිදුවීමක් අනිවාර්‍යෙනම කියවන්න..
මේක අද මම office ඇරිලා එද්දි වෙච්ච සිද්දියක්. මගේ seat ක එහා පැත්තේ ලස්සන අක්කා කෙනෙක් වාඩි වෙලා හිටියා. මට එයව දැක්කම හිතුනා අවුරුදු 28ට වඩා වැඩි ඇති කියලා. හැබැයි ඉතින් ඒ අක්කා හරිම ලස්සනයි (ඇස් වහක් නම් වදින්න එපා) කොහොම හරි එයා හරිම කලබලෙන් කාට හරි call ගත්තා එක දිගටම.
තුන් මුල්ලේ ඉදන් කිරුලපනට එනකන්ම වගේ එක දිගටම call ගත්තා.හරිම කලබලෙන් කතා කලේ. ඊට පස්සේ එක පාරටම එයා කාටද මන්දා මොනවදො කියාගෙන ගියා. මට ඇහුනේ කොහෙද ඉන්නේ කාත් එක්කද මට ඇත්ත කියන්න කියලා. ඔය ටික තමයි. ඊට පස්සේ call එක cut වුනා.
මේ අක්කා ආපහු එක දිගටම try කලා. මං දැක්කා ඒ අක්කා wallpaper එකේ engagement එකක වගේ ගත්ත photo එකක් දා ගෙන ඉන්නවා. So i guess she is a married girl. ඊට පස්සේ එයා තව කෙනෙක් ට call එකක් අරන් ඇහුවා මල්ලි එයා ඔයා එක්කද ඉන්නේ කියලා. ඊට පස්සේ එයා ආපහු එක දිගටම call ගත්තා. විජේරාමෙට ලං වෙලා වගේ call එක answer කලා .
මේ අක්කා ඇහුවා ඇයි බොරු කිව්වේ මල්ලි එක්ක යනවා කියලා කාත් එක්කද ඉන්නේ කියලා ඇහුවා. එතනින් එහාට දෙයක් ඒ අක්කට කියා ගන්න වුනේ නෑ මට ඇඩන සද්දයක් ඇහුනා. මං මොකක්ද කරන්න ඕනේ කියලා තේරුනේ නෑ. ඇත්ත්ටම මට හරියට දුක හිතුනා. ඒ අක්කා අඩා ගෙනම විජේරාමෙන් බැස්සා.බ් මම හිතන දේ වැරදි වෙන්නත් පුලුවන්.
ඒත් මට තේරුනේ එයාගේ husband වෙන girl කෙනෙක් එක්ක කොහේ හරි ගිහින්. The thing I don’t get is මෙච්චර ලස්සන කෙල්ලෙක් තියා ගෙන තව ගැහැනු මොකටද කියලා. මේ වගේ දේවල් නිසා තමයි කොල්ලෙක් එක්ක යාලු වෙන්න හිතෙන්නේ නැත්තේ. ඒ අක්කට ඒ හිතේ තිබුනු වේදනාව මං දැක්කා එයා කලබලා වෙලා හිටපු විදියට, එයාගේ ඇගිලි වෙවුලුවා. මට ඇත්තටම හරිම දුක හිතුනා. අද කාලේ යාලු වෙලා ඉන්න කෙල්ල කොල්ලව රවට්ටනවා කොල්ල කෙල්ලව රවට්ටනවා .
බිරිද සැමියව රවට්ටනවා. ඇත්ත්ටම මේ මිනිස්සු මොනවද මේවගෙන් බලාපොරොත්තු වෙන්නේ? මම නම් කියන්නෙමෙ කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් බිරිදක් වුනත් සැමියෙක් වුනත් ඔයාලට red flags එද්දිම ඒ relationship එකෙන් අයින් වෙන්න.ආදරය කරන කාලෙ මේ කෙනා නිසා ආදරේ නිසා සමහර තීරන කලින් ගන්න ඇති එහෙම වුනා කියලා ඒ කෙනා වැරැද්දක් කලාම ඒ කෙනා හැදෙයි කියලා හිතලා බදින්න යන්න එපා.
ඔයාලා marry කරලා බබාලා 3 4 හිටියට කමක් නෑ. ඔයාලාගේ ජීවිතේ ඔයාලට සැනසීමල් නැත්නම් divorce වෙන්න. සැනසීමක් නැති ජීවිතයක් මොකටද? Marry කරන්න ඉන්න අයට මං මේ කියන්නේ, ඔයාලා අවුරුදු 20 පැනපු ගමන් higher studies මොනවාහරි කරලා , හොද job එකක් කරන්න path eka හදා ගන්න. At lease do ur own business .
ඔයාලා independent වෙන්න. කවුරු නැතත් ඔයාට තනියම ගමනක් යන්න පුලුවන් වෙන්න පුලුවන් path එකක් හදා ගන්න. අපි දන්නේ නෑ අපේ partner අපිට කොයි වෙලේ අපිව අත අරියිද කියලා. ඒ නිසා කොයි දේටත් ලෑස්ති වෙලා ඉන්න. පුලුවන් තරම් හොද දේවල් ම කරන්න. අපි නොහිතන වෙලාවක අපිට ඒදේවල් ලැබෙයි. ඒ නැතත් පෙර කල ප,ව.කට මේ වගේ දේවල් සිද්ද වුනත් ලබන ආත්මෙක හරි අපිට අපි කරපු හොද දේවල් ලැබෙයි. මං මට මේ හිතිච්ච දේ ලිව්වේ.
Hope this will help for you
❤️
උපුටා ගැනිමකි