"අයියා ඔය ෆොටෝ එක ගහපු තැනම එයා ට්‍රේන් එකේ වැදිලා ඇක්සිඩන්ට් වෙලා නැති වුනා..." සමාජ මාධ්‍ය කැළඹූ සංවේදි සිදුවීම.(PHOTOS)

Facebook Sri Lanka Social Media Actors Train Crash
By Sithumi Jun 11, 2023 01:31 PM GMT
Sithumi

Sithumi

Report


. සමාජ මාද්‍යයේ ඩ්ගින කිහිපයක සිට සංසරණය වන මෙව් වචන ටික ඔබත් එක්ක බෙදාගන්නේ එහි ඇති සංවේදීත්වය නිසාමයි.. ඉතින් එය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න.

ජායාරූප ශිල්පීන් විදිහට ලක්ෂ ගානක් පින්තූර අපි ඇරන් ඇති, ඒ ගන්න ජායාරූප අතරින් මතකේ තියන පින්තූර කියල ඉතිරි වෙන්නේ පොඩි ප්‍රමාණයක්, මේ දාල තියන පින්තූරය එහෙම එකක් ,

මේ පින්තූරය ජීවිත කාලයටම අමතක නොවන එකක් වෙන ඉතාමත් දුක හිතෙන කතාවක් මට අද අහන්න ලැබුන, මේ පින්තූරය මගේ list එකේ ඉන්න ගොඩදෙනෙකුට මතක ඇති කියල හිතනව, මීට අවු, 6ට කලින් කරපු wedding shoot එකක් අතර අහම්බෙන් මට ගන්න පුළුවන් උන පින්තූර ටිකක්

,මේ photos ටික ගන්නව කියල මේ ඉන්න ස්වාමින් වහන්සේ වත් මේ කපල් එකත් දන්නෙත් නැහැ, ම⁣ට ලස්සන කතාවක් කියන්න පුළුවන් frame ටිකක් පෙනුන ,ඉක්මනින් ඒ ටික cover කරගත්තා , (සමහරු කියල තිබුන මේක setup කරල ගත්ත photos ටිකක් කියල) මේ පින්තූරය ඒ දවස් වල ගොඩක් ජනප්‍රිය උනා, page සැහෙන ප්‍රමාණයක පළ කරල තියනව දැක්ක , නිසදැස්, කවි , එක එක අදහස් ගොඩක් දැක්ක , සමහර විට ඉදල හිටල තවමත් මේ post දකිනව, ⁣මම මේ පින්තූරයට නම් කලේ "නිමාවක් සොයා" කියල, මේකට ලියල තිබුන නිසැදස් ,කවි වලත් අදහස විදිහට ඇරන් තිබුනේ මේ අදහසම තමයි, අද මට massage එකක් ඇවිත් තිබුන මේ පින්තූරය ඉන්න මනමාලියගෙන් ,

"අයියා ඔය ෆොටෝ එක ගහපු තැනම එයා ට්‍රේන් එකේ වැදිලා ඇක්සිඩන්ට් වෙලා නැති වුනා..."

ඒ නංගිට, පොඩි පුතාල දෙන්නෙක් ඉන්නවාලු, ජීවිතය කියන්නේ, ⁣⁣නිමාවක් සොයා යන නිමාවක් නැති ගමනක් නේද ?

උපුටාගැනීමක් ඡායාරූප හිමිකම

 @Tharanga Jayawickrama වචන සංකල්පනාව - සමාධි සංකල්පනා රාජපක්ෂ -

Gallery