ඉල්ලුම් කළ ආයතන කිහිපයකට යූරියා ඇතුළු රසායනික පොහොර ආනයනය කිරීම සඳහා අනුමැතිය

#srilanka#sinhalanews#Fertilizer-issues#Farmers-in-shri-Lanka#Fertilizer-companies#Approval#
By krishani Dec 27, 2021 11:26 AM GMT
krishani

krishani

Report

යූරීයා ඇතුළු රසායනික පොහොර ආනයනය කිරීම සඳහා ඉල්ලුම් කර තිබූ ආයතන කිහිපයකට අනුමැතිය ලබාදී ඇති බව පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක චන්දන ලොකුහේවගේ මහතා ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් ගොවීන් චෝදනා කරන්නේ රසායනික පොහොර නොමැතිව තමන් තවදුරටත් පීඩාවට පත්ව සිටින බවයි.ගොවීන් පෙන්වා දෙන්නේ රසායනික පොහොර භාවිතයෙන් ඇරඹූ වගාවන්වල ඵලදාවට සාපේක්ෂව කාබනික පොහොර භාවිතයෙන් සිදුකළ වගාව අසාර්ථක බවයි.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පෙන්වා දෙන්නේ අලෙවි කිරීම සඳහා එළවළු තොග නොලැබීම හේතුවෙන් එළවළු මෙන්ම පලතුරු මිල ද අධික බවයි.විදේශ වෙළඳපල ඉලක්ක කර ගනිමින් දීර්ඝ කාලයක් දඹුල්ල-වෑවල වැව ගොවීන් පේර,අඹ,කටු අනෝදා, ගස්ලබු,දෙළුම් ආදී පළතුරු වගා කල ද කෘමිනාශක සහ පොහොර නොමැතිවීම නිසා ඒවාට කෘමීන්ගෙන් සහ පිටි මකුණන්ගෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව ඔවුන් සඳහන් කළේ ය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now