සිංහල අලුත් අවුරුද්දෙන් පසුව සිදුවන දේශපාලන පෙරළිය

By Sithumi Apr 09, 2023 05:26 PM GMT
Sithumi

Sithumi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ, එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු කාලසීමාවේ දේශපාලන පක්ෂවල පිල් මාරුවක් සිදුවීමේ වැඩි ඉඩක් පවතින බවයි.

අද (09) මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. "සිංහල අවුරුද්දෙන් එළඹෙන සති දෙක මේ රටේ දේශපාලනයේ ඉතාම තීරණාත්මක සති දෙකක් වගේ. මොකද පිල් මාරුවීම්,  ඇමති මාරුවීම් විවිධ දේවල් ගොඩක් අප්‍රේල් 20යි 30යි ඇතුළත වෙන්ව පුලුවන් ස්වභාවයක් තමයි අපිට පේන්නේ.

හැබැයි දැනට නම් අපි කිසිම පාර්ශවයකට ගැති වෙලා වැඩ කරන්න එහෙම බලාපොරොත්තුවක් නෑ. රටට යහපතක් වෙන තීරණයක් විපක්ෂ පක්ෂ කවුරු ගත්තත් හොඳ දෙයක් කරනවා නම් ඒ සඳහා අපේ සහාය මිහි වෙනවා."