ශ්‍රී ලංකාව ගැන රුසියාවෙන් ලැබුණු ප්‍රතිචාරය..

By Sithumi Jun 24, 2023 06:03 PM GMT
Sithumi

Sithumi

Report

ජාත්‍යන්තරයේ ඇතිවන ගැටලුකාරී අවස්ථාවන් වලදී ශ්‍රී ලංකාවේ මැදිහත් පිලිවෙත ඉහළින් අගය කරන බවත් කොළඹ සිටින රුසියානු තානාපතිවරයා සඳහන් කළා ශ්‍රී ලංකාව ඇතුළු ඇතැම් රටවල අභ්‍යන්තර ගැටළු වලට බටහිර රටවල් සිදු කරන බලපෑම වහා නතර කළ යුතු බවත් කොළඹදී උත්සවයක් අමතමිනි රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසනවා. 

 ‘අපි ඉතා අගයනවා ජාත්‍යන්තරය තුළ ඇතිවන ඇතැම් ගැටලුකාරි අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන මැදිහත්භාවයට. ඒ වගේම මානව හිමිකම් කඩකිරීම් වැනි චෝදනා එල්ලවූ අවස්ථාවේදී අපි ඔබ සමග එක්වී සිටියා. 

ඇතැම් බටහිර රටවල් විසින් අභ්‍යන්තර ප්‍රශ්න සඳහා සිදුකරනු ලැබූ මැදිහත්වීමද අපි දැඩි ලෙස හෙළා දුටුවා.

ශ්‍රී ලංකාව වැනි නිදහස් රාජ්‍යයන් ඇතුළු ඇතැම් රටවල අභ්‍යන්තර ගැටලු සඳහා මැදිහත්වීම එවැන්නක්. මගේ පණිවිඩය වන්නේ වෙනත් රටවල අභ්‍යන්තර ගැටලු සඳහා මැදිහත් වෙන්න එපා. ඔබ රටවල ඇතිවී ඇති ගැටලු සඳහා අවධානය යොමුකරන්න.

නැවතත් මම ප්‍රකාශ කරන්න කැමති එවැන්නක් කිසිවිටක අනුමත කරන්න බැහැ