ගෑස් කාන්දු වීමෙන් පවුලක් අසරණ වෙයි.නිවසම අළු වෙයි

#SriLanka#Puttalam#An-accident-at-home#Gas-Accidents#
By Sithumi Dec 27, 2021 10:30 AM GMT
Sithumi

Sithumi

Report

මේ දවස්වල අහන්ඩ ලැබෙන කණගාටුම කාරුණ වන්නේ ගෑස් කාන්දූ වීමෙන් සිදුවන අනතුරු ගැනයි.

කල්පිටිය කුරක්කන්හේන ගම්මානයේ කුඩා නිවෙසක සිදු වූ ගෑස් කාන්දුවකින් එම නිවෙස ගිනි ගෙන සම්පුර්ණයෙන් විනාශ වූ බව පුත්තලම කොට්ඨාශ අපරාධ ස්ථානීය පරික්ෂණ නිළධාරින් විසින් පුර්ණ පරික්ෂාවකට ලක් කිරීමෙන් පසුව පවසයි.

කුරක්කන්හේන ගම්මානයේ පිහිටි මෙම නිවසේ වහලය සම්පුර්ණයෙන් තහඩුවලින් සකසා තිබු බවත් බිත්ති සදහා ලී යොදා ගනිමින් ආවාරණය කර තිබු බවද පොලිසිය පවසයි.

මෙම නිවසේ හිමිකාරියගේ  දියණිය විසින් ඇගේ වයස අවුරුදු එකක පමණ කුඩා දැරියට කිරී සෑදිම සදහා උදෑසන ගෑස් උදුන දල්වා සුළු මොහොතක් ගත වද්දි ගෑස් සිලින්ඩරයෙන් විශාල කාන්දුවක් සිදුවු බවත් ඒ සමගම උදුන පුපුරා ගොස් ගෑස් ගිනි ගැනිමකට ලක්ව ඇති බව  පොලිසිය පවසා තිබේ. ගෑස් කාන්දුව සිදුව නිවස ගිනි ගැනිම සිදුවන අවස්ථවේදි එහි කුඩා දැරිය ඇතුළු හත් දෙනෙකු රැදි සිට ඇති බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now