ඊයේ පලාගිය රැදවියන් ගැන ලැබුණු ආරංචිය..
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් සදහන් කලේ මේ වනවිට රැඳවියන් 514ක් යුද හමුදාව සහ පොලීසිය භාරයේ සිටින බවයි. එම රැඳවියන් අතරින් මෙම ගැටුම්වලට සම්බන්ධ නොවූ රැඳවියන් 218දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මාරුකර යවා ඇති අතර රැඳවියන් 211 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා පොලීසිය වෙත භාරදී ඇත.
එම සිද්ධියෙන් රැඳවියන් 33ක් තවමත් අතුරුදන් බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් දෙපිරිසක් අතර ඊයේ (06) පස්වරුවේ කලහකාරී තත්ත්වයක් හටගෙන තිබුණු අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.
කෙසේවෙතත් කලහකාරී තත්ත්වය ඇතිවූ අවස්ථාවේදී පළාගිය රැඳවූවන් සොයා යුද හමුදාව සහ පොලීසිය මෙහෙයුම් දියත් කර තිබෙන අතර පසුව ඒ අතරින් පිරිසක් කඳවුර තුළ පිහිටි අවි ගබඩාවට ඇතුළුවීමට උත්සාහ දරා ඇත.
තත්ත්වය පාලනය කිරීම සඳහා එහි ආරක්ෂාවට සිටි යුද හමුදා භට පිරිස් අහසට වෙඩි තැබූ බව "යුද හමුදා" මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා ප්‍රකාශ කලා.
කෙසේවෙතත් එහි ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් සිව්දෙනෙකුම රැඳවූවන් වන අතර තුවාල ලැබූ සෙසු පුද්ගලයා යුද හමුදා සෙබලෙක්.