ආර්ථිකය ගැන මහ බැංකු අදිපතිගෙන් ප්‍රකාශයක්..

By Sithumi Nov 15, 2022 06:25 PM GMT
Sithumi

Sithumi

Report

   ආර්ථිකයේ දිගු කාලීන ස්ථාවරත්වයක් ඇති කරගැනීම සදහා කොතරම් අපහසුතා මතු වුවද අයැවයෙන් ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. 

 2023 අයවැය විමසා බැලීම යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටිනවා

ආර්ථික වශයෙන් ස්ථාවර වී රට ඉදිරියට ගෙන යාම සදහා ණය ලබාගැනීමෙන් බැහැරව රාජ්‍ය ආදායම වැඩි කරගැනීම අත්‍යවශ්‍ය බවද මහැංකු අධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා