ජනපති නිවසින් තවත් දෙයක් සොරාගත් පුද්ගලයෙකට සිදු වූ දේ...

By Sithumi Aug 30, 2022 06:04 PM GMT
Sithumi

Sithumi

Report

අරගලය පැවති අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ඇතුළු වී විදේශ මත්පැන් බෝතල් පිටතට ගෙනා බව කියන පුද්ගලයකු හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 07 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය.

ජනාධිපති වරයාගේ නිවසට අයුතු ඇතුළු වීමක් සිදු කරමින් සොරකම් කළ විදේශ මත්පැන් බෝතලයක් සමග ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරින ලද ඡායාරූප සහ තොරතුරු ආශ්‍රයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. 

 මෙම සිද්ධියට අදාළව මින් පෙරදී අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවකු දෙන ලද ප්‍රකාශ මත මෙම සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.