කෙටි කාලීනව , මධ්‍ය කාලීනව හා දීර්ඝ කාලීනව විසඳුම් ...

srilanka politics mohan priyadarsana
By Nimal Jul 21, 2021 04:48 PM GMT
Nimal

Nimal

Report

  වෙරළ සංරක්ෂණ සහ පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනිගෙන ගිලී ගිය X- Press Pearl නෞකාව සහ නෞකාව අනතුරට පත්වු මුහුදු කලාපය නිරීක්ෂණය කිරීමට ගිය අතර මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍යංශ ලේකම් අනිල් විජේසිරි මහතා, සමුද්‍රීය පරිසර ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ සභාපතිනි දර්ශිකා ලහන්දපුර මහත්මිය , වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ප්‍රදානි එස්. රනවක මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.කෙටි කාලීනව , මධ්‍ය කාලීනව හා දීර්ඝ කාලීනව විසඳුම් ... | Srilanka Political

මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව තම දායකත්වය දැක්වූ අතර නෞකාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම අනතුරින් ඉහල බලපෑමක් සිදූ වී ඇති වෙරළ තීරය නිරීක්ෂණයටද සහභාගී විය.කෙටි කාලීනව , මධ්‍ය කාලීනව හා දීර්ඝ කාලීනව විසඳුම් ... | Srilanka Political

තවද මෙම නෞකාව විනාශයට පත්වීමෙන් සිදු වූ පාරිසරික හානිය පිළිබඳව ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් වලට කෙටි කාලීනව සහ මධ්‍ය කාලීනව හා දීර්ඝ කාලීනව විසඳුම් ලබා දීම සඳහා අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දැනට අවශ්‍ය කටයුතු පිළිබඳවද සාකච්ඡා කරන ලදී.

ඒ අනුව නෞකාව පිලිබදව අදාල පාර්ශ්වයන් සමග පැවති සාකච්ඡා කිහිපයකටම පසුගියදා රාජ්‍ය අමාත්‍යතුමන් සහභාගී වුනු අතර ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ද හමුවී නෞකාවෙන් පරිසරිකව හානි සිදුවූ වෙරළ තීරය පිරිසිදු කර ගැනීම සදහා ආරක්ෂ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ සහය ලබා ගැනීම සහ ඉදිරියේදී මෙවන් අනතුරක් වීමට ඇති අවස්ථාවකදී නිසි ක්‍රියාමාර්ග නිසියාකාරව ගනීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

ReeCha