අපි කිසිසේත්ම බහුජාතික සමාගම්වලට යටත් වෙන්න සුදානම් නැහැ...

srilanka politics mininda amarawera
By Nimal May 04, 2021 08:00 AM GMT
Nimal

Nimal

Report

 “බහුජාතික සමාගම්වලට අපේ කණෙන් රිංගන්න ඉඩ දෙන්නේ නැහැ- අවශ්‍ය වුනොත් බලපත් තහනමක් දක්වා වුනත් යාමට වුවත් සුදානම්” යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

 මම පරිසර අමාත්‍යවරයා විදියට පොලිතින් හා ප්ලාස්ටික් වර්ග කිහිපයක් තහනම් කිරිමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ අනුව මාර්තු 31 වනවිට ප්ලාස්ටික් හා ප්‍රතිචක්‍රියකරණයේ පහසුව සඳහා එම නිෂ්පාදනවල අදාල කේත අංක Code Numbers සඳහන් කළ යුතුයි කියළා.

මෙම නිෂ්පාදන මාර්තු 31දා සිට නැවැත්වුවත් මේ වනවිට සමහර බහුජාතික සමාගම් අපේ කණෙන් රිංගලා වෙනත් කාර්යයන් කිරිමට පියවර ගනිමින් සිටිනවා. අපි බහුජාතක සමාගම්වලට යටත් වෙන්නේ නැහැ. අපේ නියමයන්ට අනුකුව කටයුතු නොකරන්නේ නම් ඒ අය මොන තත්ත්වයක හිටියත්, කෙතරම් බලවත් වුනත් එම බලපත් තහනම් කිරිම දක්වා වුවත් යන්න අපි සුදානම් කියළා මම ප්‍රකාශ කරන්න කැමැතියි

බහුජාතික සමාගම්වලට ඕනෑ විදියට අපිව නටවන්න දෙන්නේ නැහැ. බහුජාතික සමාගම්වලට අපි අපේ කණෙන් රිංගන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ රටේ ජනතාවට අවශ්‍ය සැම්පු ටික, සබන් ටික අපිට අවශ්‍ය දත් බෙහෙත් ටික අපේ රටේම නිපදවීම සඳහා වන වැඩ පිළීවෙළක් අපි ආරම්භ කරනවා. අපි කිසිසේත්ම බහුජාතික සමාගම්වලට යටත් වෙන්න සුදානම් නැති බව ප්‍රකාශ කරනවා. අපේ දේශීය සමාගම්වලින් අපි ඉල්ලා සිටිනවා ජනතාවට අවශ්‍ය සැම්පු ටික, සබන් ටික් අපිට අවශ්‍ය දත් බෙහෙත් ටික අපේ රටේම නිපදවීම සඳහා ඉදිරිපත් වන ලෙස යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජනාධිපතිතුමන් විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ “හරිත ආර්ථිකයක් කරා” අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් ඉදිරිපත් කළ යෝජනා 20 සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කරන ලදී. මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් ඉදිරිපත් කළ යෝජනා 20න් 13ක් ම මෙරට පාරිසරික සුරක්ෂිතතාවය සඳහා ඉදිරිපත් කරනු ලැබු බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.