ජීව වායු නිපදවන ආයතනකට ලබා දී වන උයනක් ඇතිකිරීමට යයි
. ගාල්ල දිස්ත්‍රික්කයේ රජ්ගම මොන්රෝවියාවත්ත යන ප්‍රදේශය කසල ජීව වායු නිපදවන ආයතනකට ලබා දී එම ස්ථානයේ වන උයනක් ඇතිකිරීමට පියවර ගන්නා බව පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසයි.
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා එසේ පැවසුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මට අනුව මනා කසළ කලමනාකරණ ක්‍රමවේදයක් රට තුළ ස්ථාපනය කිරීම මගින් කසළ භාවිතයෙන් අන්තර්ජාතික ප්‍රමිතියට අනුගත ව කාබනික පොහොර නිෂ්පාදන කිරීමේ හැකියාව සොයා බැලීමට ඊයේ දින යේ අමාත්‍යාංශයේ ලේකම් එන්. රණසිංහ මහතා, අතිරේක ලේකම් මහේශ් ගම්මන්පිල හා , ජාතික පොහොර ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂක ජේ. ඒ. ඩී රොශාන්, සී.ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි ගුණවර්ධන යන මහත්වරු , ජාතික ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මද්‍යසථානයේ නිළධාරීන්, දකුණු පළාත් කොමසාරිස් සේනක පල්ලියගුරුගේ ඇතුලු පිරිසක් සමගින් ක්ශේත්‍ර චාරිකාව නිරතවු අවස්ථාවේදීය ..
වසර ගනනාවක් තිස්සේ ගාල්ල දිස්ත්‍රික්කයේ රජ්ගම , මොන්රෝවියාවත්ත ප්‍රදේශය හා ඒ අවට ජීවත්වන ජනතාව එහි ඇති කසළ බැහැරකිරීමේ අංගනයේ ඇති අධික දුඟද, එහි ඇති අප ද්‍රව්‍ය භූගත ජලයට එක් වීම වැනි කරුණු නිසා පීඩා විදිමින් සිටී. නගර සභා 5 ක එකතුවන කසළ මෙම ස්ථානයට බැහැර කරන අතර මෙහි කසළ කොම්පෝස්ට් බවට පත්කිරීමේ වැඩපිළිවෙළක් කාලයක් තිස්සේ සිදුවන නමුත්, කසළ ගොඩැලි ක්‍රමයට කාලයක් තිස්සේ ගොඩ ගැසීමත්, එහිදී ගාලායන ජලය නිසියාකාරව පිරිපහදු නොකිරීමත්, මෙහි ඇතිවන අධික දුර්ගන්ධයත්, නිපදවන කොම්පෝස්ට් වල ගුණාත්මක භාවය අඩුකමත් වැනි හේතූන් නිසා මෙම වැඩපිළිවෙළ සාර්ථක නොවීය.[WhatsApp Image 2021-04-24 at 21.09.12.
එයට ස්ථිරසාර විසදුමක් ලෙසින් මෙම කසළ බහාලුම් අංගනයට වැඩි ධාරිතාවකින් යුතු නව යන්ත්‍ර සවිකර පෞද්ගලික අංශයේ කාබනික පොහොර නිශ්පාදකයෙක් වන Bio System ආයතනය මෙම ව්‍යාපෘතිය එක්වීමට නියමිත අතර කොළඹ කොමර්ෂල් ආයතනය විසින් මෙහි නිපදවන කාබනික පොහොර වෙළෙඳපොළ බෙදාහැරීම සිදුකෙරෙනු ඇත. කලක් තිස්සේ මෙහි එකතු වී ඇති කසල ජීව වායු නිපදවන ආයතනකට ලබා දී එම ස්ථානයේ වන උයනක් ඇතිකිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සදහා රජ්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා , හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ දේශපාලන අධිකාරියේ මන්ත්‍රීවරුන් සහභාගි වුහ.
