පොලිස් ලොක්කෙක් අසල්වැසියාගේ නිවසට පැන තැන තැන මලපහ කරලා.. වැඩ තහනම්..

srilanka The police
By Sithumi Oct 02, 2021 10:57 AM GMT
Sithumi

Sithumi

Report

තම අසල්වැසියා ගේ නිවසේ පිටතින් පිහිටි වැසිකිළිය තුළ තැනින් තැන මුත්‍රා කර මලපහකර අප්‍රසන්න තාවයක් ඇති කළේ යැයි චෝදනා එල්ල වූ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනමකට ලක්කර තිබේ. 

 අනුරාධපුර ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ මෙසේ වැඩ තහනම් කරන ලද්දේ අනුරාධපුර තිරප්පනය පොලිසියේ රාජකාරි කරන ලද උප පොලිස් පරීක්ෂකවරයෙකු ගේ බවය. අදාළ සැකකරු අසල්වැසියාගේ නිවසට අයුතු ලෙස ඇති වී මෙම අශෝභන ක්‍රියාව කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයිද උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය. 

දෙදෙනා අතර කලක පටන් විරසකයක් පැවසීම හේතුවෙන් අසල්වැසියා අපහසුතාවයට පත් කිරීමට මෙය කර ඇතැයි තොරතුරු හෙළි වී තිබෙන බවද පොලිසිය කියා සිටියි.

අදාළ පැමිණිල්ල අනුව උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහැර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha