මේ දේ කළොත් පොලීසියෙන් තෑගි..

By Sithumi Jun 24, 2023 04:43 PM GMT
Sithumi

Sithumi

Report

අනවසර ගිනි අවි සහ අත්බෝම්බ සොයාගැනීමට සහාය වන පොලිස් නිලධාරීන්ට සහ තනි පුද්ගල ඔත්තුකරුවන්ට ත්‍යාග මුදලක් ලබාදීමට පොලීසිය තීරණයකර තිබෙනවා..

ජූනි 25 වනදා සිට ජූලි 31 වනදා දක්වා එම වැඩසටහන ක්‍රීයාත්මක වනවා. ඒ සඳහා ගෙවන මුදලේ වටිනාකම වැඩි කිරීමට තීරණය කර ඇති බව පොලිස්පතිවරයා ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

  නිවේනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා සඳහන් කරන්නේ, පසුගිය කාලසීමාව තුළ වාර්තා වූ ඇතැම් අපරාධ මගින් නිරීක්ෂණය වනුයේ නීතිවිරෝධී ගිනි අවි සහ අත්බෝම්බ දිවයින තුළ සංසරණය වන බවයි මෙම තත්ත්වය නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම මෙන්ම මහජනයාට බියකින් තොරව ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම සඳහා බාධාවක් බව පොලිස්පතිවරයා පෙන්වා දෙන අතරපොලිස්පතිවරයා විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්,