ගිනිඅවියක් සමගින් ලක්ෂ ගණනක කේරල ගංජා වලට සිදුවු දේ ....
යක්කල ප්‍රදේශයේදී කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් ලක්ෂ හැටක්(60 00 000/) වටිනා කේරළ ගංජා තොගයක්, ගිනිඅවියක් සමගින් සැකකරුවන් තිදෙනකු ගම්පහ පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ගංජා තොගයේ කේරල ගංජා කිලෝ නවය හමාරක් (9 .1/2 )ක් බෝර 12 ෂොට් ගන් වර්ගයේ ගිනිඅවියක් සොයා ගත්බව පොලීසිය පවසයි. ගංජා ජාවරමේ නිරත පුද්ගලයකු සතු පුගොඩ ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරිමේදී ගංජා කිලෝ දෙකහමාරක් සමගින් ගිනිඅවියක් සොයා ගැනීමට ගම්පහ පොලිස් නිලධාරීන් සමත්වි ඇත. අදාල සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදි බස් රථයකින් කේරල ගංජා තොගයක් රැගෙන එන බවට ලද තොරතුරු අනුව උපාය දුතයකු ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරීයකු අදාල සැකකරු සමග කථාකොට ගංජා මිලදී ගැනීමට සැලසුම් කොට තිබේ.
මගී බස් රථය කින් ගංජා තොගය රැගන එන බවට ලද තොරතුරු අනවු යක්කල ප්‍රදේශයේදී අදාල බස් රථයේදී ඉතිරි සැකකරුවන් දෙදෙනා සමගින් කේරල ගංජා කිලෝ 09 ක් කොටුකර ගැනීමට ගම්පහ පොලීසියේ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පුගොඩ,යාපනය යන ප්‍රදේශවල පදංචි 24,34,හා 42 වියේ පසුවන්නන් බව පොලීසිය පවසයි. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ගම්පහ ,කොළඹ හා නිට්ටඹුව යන ප්‍රදේශ වලට කේරල ගංජා බෙදා හරින බවට පොලිස් නිලධාරින් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ. සැකකරුවන් ඉදිරියේදී අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ,බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති විජය ශ්‍රී දමයන්ත ,ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.කේ.ඉන්දිකද සිල්වා,සහකාර පොලිස් අධිකාරි 1 තුසිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත,ගම්පහ මුල්ස්ථාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ,ගම්පහ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ,(උපපොලිස් පරීක්ෂක) බිනුර රණසිංහ ,උපපොලිස් පරීක්ෂක චතුරංග දිසානායක ,කොස්තාපල්වරුන්වන තරංග (70567),කසුන් (92434),හෂාන් (27585) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
