මින් පෙර දැකලා තියනවද මෙහෙම කැස්බෑවෙක්.. පානදුර වෙරළෙන් මතුවූ දාර කැස්බෑවා...

By Sithumi Jun 03, 2023 10:30 AM GMT
Sithumi

Sithumi

Report


ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂයට අයත් දාර කැස්බෑවෙකුගේ සිරුරක් අද (03) දහවල් පානදුර වෙරළට ගොඩගසා තිබෙනවා. මෙරට මුහුදු සීමාවේදී මෙම සත්ත්වයින් දැකගැනීම ඉතා දුර්ලභ බවයි පානදුර වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් පවසන්නේ. 

 මෙලෙස පානදුර වෙරළට ගොඩගසා තිබූ සත්ත්වයාඅඩි 06යි අඟල් 07ක පමණ දිගකින් යුක්ත වනවා. මේ පිළිබඳ අදහස් දැක්වූ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ සභාපති, සාගර කැස්බෑ විශේෂඥ තුෂාන් කපුරුසිංහ මහතා ගේ අදහස පහතින්,

"ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂයට දාර කැස්බෑවන් අයත්. උතුර ඉන්දියන් සගරයට අයත් රටවල්වලින් බිත්තර දමන්නට පැමිණෙන්නේ ලංකාව සහ ඉන්දියන් අන්දමන් සහ නිකොබාර් දූපත්වලට පමණයි. මෙම උප ගහනය සීඝ්‍රයෙන් වදවීගෙන යන සත්ත්ව විශේෂයට අයත්."