සිරකරුවන් ද මනුෂ්‍යයන් ය-අලුත් අවුරුද්දේ බන්ධනාගාර රැඳවියන්ට ලැබෙන විශේෂ ආහාර වේල් දෙක
#Srilanka#News#Prison#prisoners#Two-special-meals#By-Avangard#Chairman#January-01#Morning-and-noon#
By krishani
රට වෙනුවෙන් දිවයිනේ සියලුම බන්ධනාගාර වලරැඳවියන්ට අද උදෑසන සහ දහවල් ආහාරවේල් සඳහා විශේෂ ආහාර ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උදෑසන ආහාර වේලට කිරිබත් සහ දහවල් ආහාරවේලට කහ බත් හෝ බුරියානි ලබාදෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසන ලදී.
මේ අතර වැලිකඩ බන්ධනාගාරය,වැලිකඩ කාන්තා බන්ධනාගාරය සහ බන්ධනාගාර රෝහලේ රඳවා සිටින සිරකරුවන්ට එම ආහාරවේල නොමිලේ ලබාදීමට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා තීරණය කර ඇත.
ඒ අනුව සිරකරුවන් තුන්දාහකට පමණ එලෙස ආහාර තමන් ලබා දෙන බවයි නිශ්ශංක සේනාධිපති මහතා තීරණය කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |