පාර්ලිමේන්තුවට ගේන සුපිරි කෑම හොර පාරෙන් ගෙවල්වලට අරන් ගිහින්! පෙළක් එවුන් සාක්කුවල දාගෙනත් ගිහින්ලු!
#srilanla#News#Polititcs#Gossip#
By krishani
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ නිලධාරීන්ගේ පරිභෝජනය සඳහා ගෙන එනු ලබන ආහාර ද්‍රව්‍ය හොර රහසේ එහි සේවකයන් විසින් නිවෙස්වලට රැගෙන යාමේ සිදුවීම් රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ඇතැම් සේවකයන් සිය සාක්කුවල පවා ආහාර ද්‍රව්‍ය ඉතා කුඩා ප්‍රමාණ වශයෙන් දමාගෙන පිටතට රැගෙන යන බවද කියති. මේ හේතුවෙන් වසරකදී රජයට සිදුවන පාඩුව රුපියල් කෝටි දෙක ඉක්මවන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තු සේවකයන් ඇතුළට එද්දී පරීක්ෂාවට ලක් වුවත් පිටව යද්දී එසේ පරීක්ෂාවට ලක් නොවන හෙයින් මෙම ජාවාරම්වලට එය ලොකු පිටුබලයක්වී ඇතැයි දැනගන්නට ඇත.
මන්ත්‍රීවරුන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් පැමිණෙන සංඛ්‍යාව ගණනය කර ඒ අනුව ආහාර පිළියෙල කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස්දී ඇතැයිද ඇය සඳහන් කළාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now |