දැනට ඉන්ධන සංචිතය දින විස්සකට ප්‍රමාණවත්

#Srilanka#news#petroleum#Fuel-ordering#Fuel-is-imported#petroleum-corporation-of-sri-lanka#
By krishani Jan 01, 2022 03:58 AM GMT
krishani

krishani

Report

දින විස්සකට පමණ ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට ශ්‍රී ලංකාව සතුව ඇති බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඉන්ධන රැගත් නෞකා දෙකක් මේ වන විට කොළඹට ළඟා වී ඇති බව ද ඔහු පැවසීය.

එමෙන්ම ඉදිරි දින කිහිපයේදී තව දුරටත් ඉන්ධන ඇණවුම් කිරීමට තවදුරටත් නියමිත බවත් ඔහු පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තිබුණ ද පිරිපහදු කළ ඉන්ධන ආනයනය අඛණ්ඩව සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now