කන්න නැති උනොත් බඩගින්නෙ ඉන්න පුළුවන්.නමුත් බෙහෙත් නැති වුනොත් මැරෙන්න වෙන්නේ
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනතුරු අඟවා ඇත්තේ ඉදිරි මාස තුන හතර ඇතුළත රජයේ රෝහල්වල ඖෂධ සහ ශල්‍යාගාරවල භාවිතා කරන ද්‍රව්‍ය හිගයක් ඇති වීමේ අවදානමක් ඇති වී තිබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් ඖෂධ නිශ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් දැනුම් දී තිබේ.
ඩොලර් හිගතාවය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ රැසක් ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබීම මේ සදහා හේතු වී ඇති බව පැවසේ.
දැනටමත් ණය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ණයවර ලිපි 72කට ගෙවීම් කළ නොහැකි වී ඇතැයි ද සමහර ණයවර ලිපි කාලය ඉක්ම වා ඇති බවත් එම ලිපිය මගින් දැනුම් දී ඇත. දැනටමත් තම ගබඩාවල ඖෂධ පවතින්නේ එදා ඉතා අඩු මට්ටමක බව ද නීතිගත සංස්ථාව පෙන්වාදී තිබේ.
ඉදිරි මාස කිහිපය තුළ එම තොග අවසන් වීමේ අවදානම මග හැරීමට හැකියාවක් නොමැති බව ද එම ලිපියේ සඳහන්ව ඇත
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |