හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය අත්නොහරින ඇමති මහින්දානන්ද

#SriLanka#Agriculture#Mahindananda-Aluthgamage#press-conference#news#to-the-people#
By krishani Jan 01, 2022 03:23 AM GMT
krishani

krishani

Report

කෙතරම් අභියෝග පැමිණියත් හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැපවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

  ඒ හේතුවෙන් සිය දේශපාලන ප්‍රතිරූපයට බරපතල ලෙස හානි සිදුවුවද රටට සහ ජනතාවට වන යහපත ගැන සිතා එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නායකයා සමඟ නොසැලී සිටගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

තමන් මීට පෙර අමාත්‍යංශ කිහිපයක අමාත්‍ය ධූර හොඹවා ඇතත් ඉන් සෑම ස්ථානයකටම වඩා කෘෂිකර්ම අමාත්‍යංශය මාෆියාවන් ක්‍රියාත්මක වන තැනක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා සහ ඉහළ නිලධාරීන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now