රුපියල් බිලියන 15ක මත්ද්‍රව්‍ය නාවික හමුදාභාරයට

#srilanka#news#navy#International-sea#Drugs#arrested#An-announcement#
By krishani Jan 01, 2022 04:58 AM GMT
krishani

krishani

Report

2021 වර්ෂයේ සිදුකළ මෙහෙයුම් මගින් රුපියල් බිලියන 15 කට අධික මත්ද්‍රව්‍ය තොග නාවික හමුදාව භාරයට‍ ගෙන තිබේ.

සෙසු බුද්ධි අංශ සමග එක්ව මෙරට මුහුදු සීමාවේ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදුකළ වැටලීම්වලින් එම මත්ද්‍රව්‍ය තොග සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

එම මෙහෙයුම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,268 කට අධික තොගයක් සමග විදෙස් ජාතිකයින් ඇතුළු සැකකරුවන් 141 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම කේරළ ගංජා කිලෝග්‍රෑම් 7,095 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 158 ක්, හෂීස් කිලෝග්‍රෑම් 88 ක් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොග සමග සැකකරුවන් 327 දෙනෙකු පමණ 2021 වසර තුළ සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කළේය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now