මෙරට මුහුදු සීමාවේ සිට නාවික හමුදාව කළ වැටලීම
By Sithumi
මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධිවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙන අතර ඉන්දීය ධීවරයින් 15 දෙනෙක් සමග ට්‍රෝලර් යාත්‍රා දෙකක් නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම මුහුදු සීමාවේදී සිය භාරයට ගෙන තිබෙනවා
නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ අද (05) සවස් කාලයේ දී මෙම ඉන්දීය ධීවරයින් පිරිස සිය භාරයට ගත් බවයි.
මෙම ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් පිරිස මේවන විට තලෙයිමන්නාරම වෙත රැගෙන එමින් පවතින අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන්ව මන්නාරම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව තිබේ