නව වසරේ මහ බැංකු අදිපතිගෙන් ආර්ථිකය ගැන සුබ ආරංචියක්..

By Sithumi Jan 01, 2023 06:13 PM GMT
Sithumi

Sithumi

Report

උද්ධමනය පහත දමා ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීම වසරේ ප්‍රධානතම අපේක්ෂාව බව මහ බැංකු අධිපති අචාර්යය නන්දලාල් වීරසිංහ මහතා පවසන අතර ඔහු ක්‍රමාණුකූලව මේ වනවිට උද්ධමනය අඩුවෙමින් පවතින පෙන්වා දුන්නා.  

උදාවු නව වසර වෙනුවෙන් දළදා සමිඳු වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ බැංකු අධිපති අචාර්යය නන්දලාල් වීරසිංහ මහතා එම අදහස් පළකළා. ඔහුගේ අදහස පහතින්,

  "අපි බලාපොරොත්තුවෙනවා පසුගිය වසරේ තිබුණු ආර්ථික අමාරුකම්වලින් මිදිලා යමිකිසි ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා රටේ ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරන්න. විශේෂයෙන් මහ බැංකුවේ වගකීම වන්නේ උද්ධමනය පාලනය කිරීම අපි දැනටම දකිනවා උද්ධමනය සීඝ්‍රයෙන් අඩුවේගෙන යනවා.

    අපි මේ වසරේ බලාපොරොත්තු වෙනවා උද්ධමනය තවදුරටත් අඩුවෙලා රටේ පොලී අනුපාතය තවදුරටත් පහළ ගිහිල්ලා අපේ ජනතාවට සහ හැමෝටම රටේ ආර්ථිකය යම්කිසි ආකාරයට නැවත යථාතත්ත්වයට පත්වීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට හැකිවේයැයි බලාපොරෝත්තුව තමයි මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරන්නේ."