හෙට ජාතික සභාවට රැස්වන මනමන්ත්‍රීවරුන්..
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු, ජාතික සභාවේ දෙවන රැස්වීම අද (06) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර එහිදී පත් කළ අනු කමිටු හෙට රැස්වීමට නියමිතව තිබෙනවා. ‘
ජාතික සභාවේ’ පළමු රැස්වීමේදී පත්කිරීමට තීරණය කෙරුනු අනු කමිටු දෙක සඳහා සාමාජික මන්ත්‍රීවරුන් පත්කිරීම එහිදී සිදු කෙරුණු අතර, ‘කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමටත්,
‘ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීමටත්, මෙම අනු කමිටු දෙක පත් කළ බවයි පැවසෙන්නේ.
කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයන් වන්නේ, පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, මනෝ ගනේෂන්, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්රි රහීම්, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, නසීර් අහමඩ්, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඒ. එල්. එම්. අතාඋල්ලා යන මැති ඇමතිවරුන්.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, රිසාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, පාඨලි චම්පික රණවක, සිසිර ජයකොඩි, එම්. රාමේෂ්වරන්, මනෝ ගනේෂන්, ටිරාන් අලස්, නසීර් අහමඩ්, ඒ. එල්. එම්. අතාඋල්ලා යන මැති ඇමතිවරුන් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයන් වනවා.
මෙම අනු කමිටු දෙක හෙට(07) දින රැස්වීමට අද පැවති ජාතික සභා රැස්වීමේදී තීරණය කර තිබුණා.
ජාතික සභාව කතානායකවරයාගේ සභාපතිත්වයෙන් රැස්වන අතර,අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, විපක්ෂ නායකවරයා මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලය අනුව එහි සාමාජිකයෝ වනවා.
මීට අමතරව පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් ජාතික සභාව සමන්විතව තිබේ.