ඖෂධ ආනයනය ගැන පෙත්සමකට අධිකරණ නියෝගයක්
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) අවසර ලබාදුන්නා.
එම පෙත්සම ගොනුකර තිබෙන්නේ ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ, ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි.
මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ සමාගම්වලින් දැනටමත් ආනයනය කර තිබෙන අතර ඖෂධ තොග පිළිබඳව අදාළ ලේඛන ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කර එහි නිසි ප්‍රමිතියක් පවතින බවට තහවුරු වුවහොත් පමණක් ඒවා මුදාහැරීමට හැකියාව තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියා.
ඊට අමතරව ආනයනය කිරීමට නියමිත ඖෂධ තොගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අවශ්‍ය තහවුරු කරගැනීමක් සිදු කරගන්නා තුරු ඒවා වැඩිදුර ආනයනය කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 18 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළේ