සිතාගත නොහැකි ලෙස වෙළඳපොලේ අත්‍යවශ්‍යම භාණ්ඩ එළවළු බොහෝ දේ විශාල ලෙස ඉහළ යයි.. වෙළඳපොලේ සිදුවූ වෙනස

Sri Lanka Sri Lanka Food Crisis Financial crisis
By Sithumi Jun 13, 2022 02:33 PM GMT
Sithumi

Sithumi

Report

සුපිරි වෙළද සැල් තුළ ජනතාව ලබා ගන්නා අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩ වල විශාල වෙනසක් මේ වන විට සිදුව තිබෙනවා . සුපිරි වෙළෙඳ සැල්වල මෙන්ම සාමාන්‍ය වෙළඳපොලේ ද බඩු මිලේ ලොකු පරතරයක් දකින්නට නොලැබේ.

විශාල ලෙස භාණ්ඩ මිල ඉතා කෙටි කලක් තුළ වැඩි වී ඇති ආකාරය දක්නට ලැබෙනවා.  මෙම මිල සාමාන්‍ය ජනතාවට දරා ගැනීමට හැකියාවක් කෙසේවත් නොවේ 

මීට මාස කිහිපයකට පෙර රුපියල් 100 නොඉක්ම වූ ඇතැම් එළවළු කිලෝවක මිල මේ වන විට රුපියල් 1000 ට ආසන්න වෙමින් තිබිණි. වෙළඳපොලේ ඊයේ( 13 ) එළවළු කිහිපයක කිලෝවක මිල ගණන් පහත පරිදි වේ.

මාළු මිරිස් 890,තක්කාලි 890,කැරට් 500,බීට් රූට් 600,දෙහි 950,අමු මිරිස් 900,ලීක්ස් 320,තුඹ කරවිල 1380,පතෝල 480,වැටකොලු 550,කැරට් 890,දඹුල 660,මෑ කරල් 460,ලොකු ලූනු 290,රතු ලූනු 960,සුදු ලූනු 840,අර්තාපල් 390 වශයෙනි. සුපිරි වෙළෙඳ සැල්වල බොහෝ එළවළු රාක්ක හිස් වී තිබ්‍රෙ. 

 සුපිරි වෙළෙඳ සැල්වල රුපියල් 250කට පමණ අලෙවි වූ බිත්තර දහයක අසුරනය මේ වන විට රුපියල් 515 කි. මාළු මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මාළු වර්ග කිලෝවක මිල මෙසේ සටහන් විය.

ලින්නා 1380,ලේන පරවි 1440,දැල්ලා 2130,කාරල්ලා 7900,අලගොඩුවා 1230,ඉස්සා 1690ක් වශයෙනි. සාමාන්‍ය වෙළඳපොලේ කරවල මිල ගනන් සඳහන් වූයේ මෙසේය. හාල්මැස්සන් 3000,බලයා 2400,කට්ටා,3400,තලපත් 3600,කීරමින් 3000,කූනිස්සන් 2000 වශයෙනි