මෙරට පැතිරෙන දරුණු රෝගයක් ගැන සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමක්.

#SriLanka#Malaria#Infection-diseases#Mosquitoes#To-people
By Aruna Dec 26, 2021 07:59 AM GMT
Aruna

Aruna

Report

පෙර වසරවලදී වැඩිපුරම මැලේරියා රෝගීන් වාර්තා වූයේ ඉන්දියාවේ සිට පැමිණෙන්ණන්ගෙන් ය.

නමුත් මෙම වසරේ දී මෙතෙක් වාර්තා වී ඇත්තේ රෝගීන් 25 දෙනෙකු පමණය.

එම 25දෙනාගෙන් 24දෙනෙක්ගේ සම්භවය ගතහොත් ඔවුන් 24 දෙනා සදහන් වන්නේ අප්‍රිකා මහද්වීපයේ සිට පැමිණි අයගෙන් ය.

එහි භයානක පැතිකඩ වන්නේ මෙම මැලේරියා රෝගින් රට තුළ සම්ප්‍ර්‍ර්ෂණය වීමේ අවධානමක් නොමැති වුවත් මැලේරියා රෝගය ව්‍යාප්ත කළ හැකි වාහක මදුරුවන් රට තුළ සිටිය හැකී වීමයි.

මැලේරියා රෝගය වැළදි පුද්ගලයෙක් මග හැරුණහොත් එමගින් රට තුළ මැලේරියා රෝගය වැළදීම සීඝ්‍ර විය හැකිය.

එමෙන්ම මේ මාසය තුළ මේ දක්වා ලංකාවේ මැලේරියා රෝගින් හතර දෙනෙකු වාර්තා වී ඇත.

මැලේරියා රෝග මර්දන ව්‍යාපාරය විසින් අප්‍රිකා මහද්වීපයේ සහ ඉන්දියාවේ සිට පැමිණෙන අයගෙන් නොමිලේ රුධිර පරීක්ෂාවක් සිදුකර ලංකාවට පැමිණිමට අවසර ලබාදීමට කටයුතු කරන බව මැලේරියා රෝග ව්‍යාපාරයෙහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now