ප්‍රදේශ දෙකකදී සිඟිති දියණියන් දෙදෙනෙකු මිය ගිය දෙදෙනෙකු මියගිය අවාසනාවන්ත පුවත

By Sithumi Oct 10, 2022 05:28 PM GMT
Sithumi

Sithumi

Report

හසලක උල්පතගම ප්‍රදේශයේ දී සහ පුත්තලම මනගුණ්ඩුව ප්‍රදේශයේ දී අද (10) සිඟිති දියණියක සහ පාසල් සිසුවියක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ හසලක උල්පතගම ප්‍රදේශයේ දී මිණිපේ යෝධ ඇළට වැටී අවුරුද්දයි මාස 3ක් වයසැති සිඟිති දැරියක් මිය ගොස් ඇති බවය. 

 සිඟිත්තිය සිය වැඩිමහල් සහෝදරයා සමග සිය නිවස අසල පිහිටි තවත් නිවසකට ගොස් සෙල්ලම් කරමින් සිට ඇති අතර පසුව ඒ ආසන්නයේ පිහිටි මිණිපේ යෝධ ඇළට ගොස් තිබේ. එහි දී දැරිය යෝධ ඇළට වැටී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන දැරිය හසලක රෝහලට රැගෙන ඇතුළත් කර තිබේ. ඒ වන විටත් දැරිය මියගොස් සිට ඇති බව වාර්තා වේ.

හසලක පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි. මේ අතර, අද (10) දහවල් කාලයයේ පුත්තලම මනගුණ්ඩුව ප්‍රදේහයේ පිහිටි පාසලක බිම ඇද වැටි පාසල් සිසුවියක් මිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 12ක් වයසැති මනගුණ්ඩුව පුත්තලම ප්‍රදේශයයේ පදිංචිව සිටි දැරියෙකි. පාසල අවසන් කිරීමට සීනුව නාද වීමෙන් පසු මෙම දැරිය ආගම සිහිකිරීමේ කටයුතු සඳහා පන්ති කාමරයේ සිට ක්‍රීඩාංගණය වෙත දිය ගොස් තිබේ.

එම අවස්ථාවේ දී ඇයගේ පය පැටලී බිම ඇද වැටී ඇති බව පොලීසිය පවසයි. පසුව සිසුවියව පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් දැරිය මිය ගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇත. මේ සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.