කැළණියේ සිසු ක්‍රියාකාරින් දෙදෙනෙකු අත්අඩංගුවට..
Sri Lanka Police
University of Kelaniya
By Sithumi
කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ එම විශ්වවිද්‍යාලයේ තවත් ශිෂ්‍ය ක්‍රියාකාරකයෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ ඉකුත් ජුනි මස 10 වනදා අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවති උද්ඝෝෂණයක් අතරතුරදී එහි ප්‍රධාන ගේට්ටුවට හානි කළ බවට එල්ලවී ඇති චෝදනාවකට අදාළවයි.
නීතීඥවරුන් මාර්ගයෙන් පොලීසියට භාරවූ අවස්ථාවේදී එම ශිෂ්‍ය ක්‍රියාකාරකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මේ අතර ඊට විරෝදය පළ කරමින් අද රාත්‍රියේ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදි විරෝදතාවයක්ද පැවැත්වුණා.