අවසන් නොවන කාදිනල් හිමිගේ අරගලය..

By Sithumi Aug 14, 2022 06:40 PM GMT
Sithumi

Sithumi

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පැවතියේදැයි සොයා බලන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරය

. උන්වහන්සේ මේ අදහස් පළ කළේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට ලබාදෙන ලද මුල්‍ය පරිත්‍යාගය බෙදාදීමේ දෙවන අදියරට එක්වෙමිනි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ගේ සුබසිද්ධිය සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් සිදුකළ යුරෝ ලක්ෂයක මුල්‍ය පරිත්‍යාගය වින්දිත පවුල් අතරේ බෙදාදීමේ දෙවන අදියර අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදි සිදුකෙරුණි. 

 "ගාලුමුවදොර අරගලය නතර වුණාට මේ අරගලය යනවා දිගටම. අතහරින්නේ නෑ. පාස්කු ප්‍රහාරය පිටුපස හැමදේම හොඳට විමර්ශනය කරලා කවුද ඒක කළේ, කවුද ඒක කරන්න අනුබල දුන්නේ, කවුද ඒක වළක්වාලන්නට ඉඩ තියෙද්දි වළක්වාලන්නට කටයුතු නොකළේ මේ දේවල් ගැන සොයා බලන්න ඕනේ. මේ දැන් ඉන්න ජනාධිපතිතුමා එදා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කමිටු වාර්තාවේ තියෙනවා මේක පිටුපස්සේ දේශපාලන කුමන්ත්‍රණයක සේයාවක් තියෙනවා කියලා.

එහෙම නම් මේ ජනාධිපතිතුමා පත්කළ ඒ පාර්ලිමේන්තු කාරක සභාව කියපු දේ විග්‍රහ කරන්නට මේ ජනාධිපතිතුමා බැදිලා ඉන්නවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන් කරුණාකරලා අවංක වෙන්න. ඔබම පත්කරපු තේරීම් කාරක සභාව කියපු දේ ගැන විග්‍රහ කරන්න මැලිවෙන්න එපා."