ජාතික ජන බලවේගේ උද්ඝෝශනයට එන්නම ඕනි කෙනෙක් ආවේ නැත්තේ ඇයි.. හැමෝගෙම ප්‍රශ්නෙට හේතුව මෙන්න..
පළාත් පාලන ඡන්දය පවත්වන්නැයි රජයට බලකරමින් ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසම ඉදිරිපිට අද පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණු එහෙත් මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පිවිසෙන කෝට්ටේ පාර, කොටා පාර සහ සරණ පාර යන මාර්ග වල මහජනතාවට පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණය කිරීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.
පොලීසිය කරන ලද ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර තිබුණේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනෙකුට එරෙහිවයි.
කෙසේ වෙතත් ජාතික ජන බලවේගයෙන් පළාත් පාලන ඡන්දයට නාම යෝජනා භාරදුන් අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු පිරිසක් පස්වරුවේ එම ස්ථානයේදීම උද්ඝෝෂණය පැවැත්වූ අතර නායක අනුර කුමාර දිසානායක මහතා ඊට පැමිණ නොමැති අතර මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට ඇතුළුවන ගේට්ටුව අසල සහ ඒ අවට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ආරක්ෂාව තර කර තිබූ අතර කැරලි මර්දන ඒකකයද කැඳවා තිබුණා.
පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණය පැවැත්වීමෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ උද්ඝෝෂකයන් විසිර ගියා