සංචාරක ක්ෂේත්‍රයේ නිරත වෙන අයට සුභයි -රජය කරන්න යන දේ මෙන්න

Sri Lanka Tourism Sri Lanka Government Tourist Visa Sinhala news gagana news
By Mithu Aug 24, 2025 09:48 AM GMT
Mithu

Mithu

Report

රටකට ප්‍රධාන ආර්ථික දායකත්වයක් ලබාදෙන කර්මාන්තයක් ලෙස සංචාරක කර්මාන්තය හඳුන්වා දිය හැකිය.

  ඒ අනුව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සහ සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙයට නියමිත ගැසට් පත්‍රය නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම කාර්යය සාධක බලකාය ස්ථාපිත කර ඇති බවය.

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුව සාමාජිකයින් 28 දෙනෙකුගෙන් සමන්විතය. සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ රැසක ලේකම්වරු, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයතනවල ප්‍රධානීන්ගෙන් මෙම කාර්යය සාධක බලකාය සමන්විත වේ.

රනිල් වෙනුවෙන් ඉන්දීය නායකයෙක් පෙරට - විශේෂ සටහනක් එකතු කරලා

රනිල් වෙනුවෙන් ඉන්දීය නායකයෙක් පෙරට - විශේෂ සටහනක් එකතු කරලා

එම බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති විශ්ලේෂණය, උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සහ නියාමනය, අභියෝග හඳුනාගැනීම සහ විසඳුම් යෝජනා කිරීම, අධීක්ෂණය සහ ඇගයීම, ප්‍රාදේශීය මට්ටම දක්වා පුළුල් කිරීම, ආකර්ෂණීය ගමනාන්ත සදහා පහසුකම් පුළුල් කිරීම, තිරසාර සංචාරක සංවර්ධනය සහ සංචාරක ප්‍රවර්ධනය අලෙවිකරණය සහ සන්නාමකරණය යන කාර්යයන් සිදුවනු ඇති.

ගැසට් නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී‍ ඇත්තේ අදාළ කාර්යය සාධක බලකාය විසින් වසර දෙකක කාලයක් තුළ දී එම රාජකාරී ඉටුකර ඊට අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවය.

බොරලැස්ගමුවේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය හමුවේ.

බොරලැස්ගමුවේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය හමුවේ.