මොකක්ද මේ කතාව රනිල් අත්අඩංගුවට ගත්තේ ජවිපේ කාර්යාලයේ හිටිය පොලිස් නිලධාරියෙක් නිසාලු

Report

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාව තුළ බොහෝ ආන්දෝලනයට තුඩු දුන් ප්‍රවෘත්තියක් විය.

මේ සම්බන්ධයෙන් බොහෝ දේශපාලඥයන් සිය අදහස ප්‍රකාශ කරන අතර සාගර කාරියවසම් මහතාද සුවිශේෂී අනාවරණයක් සිදුකර තිබේ. ඒ අනුව පැමිණි රජයක්, තමන්ට කිසිවක් සිදු කර ගැනීමට නොහැකි වන විට, විරුද්ධවාදීන් මර්දනය කිරීමට කටයුතු කරමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

රනිල් වෙනුවෙන් ඉන්දීය නායකයෙක් පෙරට - විශේෂ සටහනක් එකතු කරලා

රනිල් වෙනුවෙන් ඉන්දීය නායකයෙක් පෙරට - විශේෂ සටහනක් එකතු කරලා

ඒ අනුව, මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා පුරවැසියන්ට කැමති මතයක් දැරීමේ අයිතියට සිදු කරන විශාල තර්ජනයක් බවයි අද (24) විපක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මහලේකම්වරයා සඳහන් කළේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාප්පක්ෂ දැඩිව හෙළා දකින බවද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

එසේම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ, පසුගිය ජනාධිපතිවරණයට පෙර පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත කාර්යාලයේ සේවය කළ පොලිස් නිලධාරියකු, රජ්ය බලයට පත් වීමෙන් අනතුරුව යළි පොලිස් සේවයට කැඳවා, ඔහු යටතේ සිදු කළ පරීක්ෂණයක් බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා අද ආශිර්වාද බෝධි පූජා පිංකමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා අද ආශිර්වාද බෝධි පූජා පිංකමක්