කවුරුත් අසා ඇති ජයශ්‍රීලගෙ තහනම් වූ ගීත 20 මෙන්න."සුන්දරියේ" සහ "මොඩ් ගොවියා" ඇල්බම්වල ගීතත් ඒ අතර
ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන"මොඩ් ගොවියා" සහ "සුන්දරියේ" යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරිම,ප්‍රචාරය කිරීම,අන්තර්ජාලයට මුදා හැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත වාරණ නියෝගයක් පණවා ඇත.
එම ගීත විස්ස වන්නේ,
ප්‍රාර්ථනා
ශ්‍රී ලංකා
සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලේ
මොඩ් ගොවියා
පොඩි කාලේ
ආදර ලොවේ
පෙරහැර
සියුමැලි
ලෝන්ලි ඩේ
වඩුවා
යුරෝපේ ඉදලා
ගී විරුවාණනී
ජුලියට්
ශීලා
මල්ලියනේ
නංගෝ
සුන්දරියේ
හනුමන්තා
කොත්තු රොටී
මෙම ගීත සියල්ල සංගීතය,තනුව,පදවැල සහ ගායනය අරුණ ලියාන් සතුවන බවයි කොළඹ වාණිජ මහාධිකරණය විසින් තහවුරු කර ඇත්තේ.මින් ඉදිරියේ දි ජය ශ්‍රී සංගීත කණ්ඩායමට එම ගීත විස්ස ප්‍රසිද්ධ වේදිකාවේ ගායනා කිරීම,දුරකතන සමාගම්වලට ලබා දී මුදල් උපයා ගැනීම සහ අන්තර්ජාලය හරහා ඔවුන්ගේ හඩින් ගීත ප්‍රචාරණය කිරීම වැනි සියලු කාරණ තහනම් වේ.
මේ ගීත අතුරින් පළමුවැනී ගීත විස්ස ඔවුන්ගේ පළමු ඇල්බමය වන මොඩ් ගොවියා ඇල්බමයේ ඉදිරිපත් කළ ගීත වන අතර ඉතිරි ගීත අට ඔවුන්ගේ සුන්දරියේ දෙවන ගීත ඇල්බමයේ අඩංගු වන ගීතයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |