චීනය සහ ඉන්දියාවෙන් මෙරට දිළිදු පවුල් සදහා ලබා දුන් සහන..

By Sithumi Apr 11, 2023 04:44 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට දිළිඳු පවුල් ඉලක්ක කරගනිමින් චීනය සහ ඉන්දියාව වියළි සලාක බෙදාදීම් අඛණ්ඩව සිදු කර අලුත් අවුරුදු උත්සවය ඉලක්ක කරගනිමින් මෙම භාණ්ඩ බෙදා හැරිම සිදු කරන බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව මෙලෙස වියළි සලාක බෙදා දීම සඳහා මෙරට දේශපාලකයන් සම්බන්ධ කර ගැනීම ද මෙම දෙපාර්ශ්වයම කටයුතු කිරීම කැපී පෙනෙනවා.

චීන තානාපති කාර්යාලය සඳහන් කළේ අද(11) දිනයේ චීන තානාපති Qi Zhenhong මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව කෑගල්ල ප්‍රදේශයේ වරප්‍රසාද ලත් පුද්ගලයන් 500ක් සඳහා වියළි සලාක බෙදා දීම සිදු කර ඇති බවයි. ඊයේ දිනයේදී නුවරඑළිය තලවාකැලේ ප්‍රදේශයේදී පවුල් 800ක් ඉලක්ක කරගනිමින් චීන තානාපති කාර්යාලය භාණ්ඩ බෙදා දීම සිදු කර තිබෙනවා.

මේ අතර ඉන්දියාව විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිළිඳු පවුල් ඉලක්ක කරගනිමින් භාණ්ඩ බෙදා දීමක් සිදු කර තිබූ අතර හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊට සම්බන්ධ වී තිබුණා.

හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ ආනන්ද කුමාරසිරි මහතා සම්බන්ධ කර ගනිමින් මොණරාගල දිස්ත්‍රික්කයේ දිළිඳු පවුල් සඳහා ඔවුන් භාණ්ඩ බෙදා හැරීම සිදුකර තිබුණා. සෙන්දිල් තොණ්ඩමාන් මහතා සමග එක්ව ඔවුන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ ද දිළිඳු පවුල් ඉලක්ක කරගනිමින් භාණ්ඩ බෙදා දීම් සිදු කර තිබුණා.