ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි.
Cricket
Sri Lanka
By Sithumi
ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (31) පස්වරුවේ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත්ව ගියා.
විස්සයි විස්ස තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ නිලධාරින් 12 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම අද සවස 5.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 143 දරන ගුවන් යානයෙන් මුම්බායි බලා පිටත් වුණා. එමෙන්ම දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම ඔවුන් අද සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |