හැදුනුම්පත් දෙපාර්තුමේන්තුව දින නියමයක් නැතිව වසයි...
පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොරෝනා වයිරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රධාන කාර්යාලය ඇතුළු අනිකුත් දිස්ත්‍රික් කාර්යාල මේ මස 16 වැනි දින සිට නැවත දැනුම් දෙනතුරු මහජනතාව සදහා විවෘත නොවන බව එම දෙපාර්තුමේන්තුවේ කොමසාරිිිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
නමුත් ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සදහා දිනයන් හා වෙලාවන් වෙන් කරගත් සියලුම් ඉල්ලුම් කරුවන් සදහා එදිනම හෝ ඊට පසු දිනක ඹවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත කඩිනමින් ලබා දීමට පියවර ගැණේ.තවද මේ දක්වා ජාතික හැදුනුම් පත් ලබා ගැනීම සදහා එම දෙපාර්තුමේන්තුව වෙත ඉල්ලුම් පත් යොමුකල ඉල්ලුම් කරුවන් සදහාද ජාතික හැදුනුම්පත කඩිනමින් සකස් කර තැපැල් මගින් යොමු කිරීමට කටයුතු කරනු ඇත.
විභාග කටයුතු ,සම්මුඛ පරීක්ෂණ ,විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සදහා වැනි හදිසි කටයුතු අවශ්‍යතාවයන් සදහා ජාතික හැදුනුම්පත කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය ඉල්ලුම් කරුවන් ප්‍රධාන කාර්යාලයේ 0115226126,0115226100 ,දකුණු පලාත් කාර්යාලයේ 0912228348,වයඹ පලාත් කාර්යාලයේ 0372224337,නැගෙනහිර පලාත් කාර්යාලයේ 0652229449,උතුරු පලාත් කාර්යාලයේ 0242227201 යන දුර කථන ඹස්සේ ඇමතුම් ලබාදීමෙන් හෝ nifo@drp.lk යන විද්යුත් ලිපිනය හරහා ලබාගත හැකි බවද වියානි ගුණතිලක මහතා වැඩි දුරටත් පැවසුවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... J |
