රෝහල් කිහිපයකම හදිසියේ සිදුවූ දේ.. තත්වය අවදානම්

By Sithumi Nov 17, 2022 05:57 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කිහිපයක රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රුධිර පරීක්ෂණ කටයුතු රැසක් ඇනහිට තිබේ. 

 මේ නිසාවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිරය පරීක්ෂා කරගැනීමට සිදුවීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

රුධිර පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල යම් හිඟයක් පැවතියද රෝහල් පද්ධතිය කඩා වැටීමට ඉඩ නොදෙන බවයි මේ අතර කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

 එමෙන්ම  රුධිර දායකයින් ලබාදෙන රුධිරය රෝගීන්ට ලබාදීමට පෙර HIV ඇතුළු රෝගකාරක වෛරස තිබේදැයි පරික්ෂා කිරීමට භාවිත කරන එලයිසා නමැති රසායනික ද්‍රව්‍යය ප්‍රමාණවත් වන්නේ තවත් සතියකට පමණක් බව පසුගිය 8 වනදා සෞඛ්‍ය වෘත්තිකයින් තවදුරටත් පෙන්වා දුන්නා.