හෙරොයින් නඩුවක සැකකරුවන්ට සිදුවූ දේ..

By Sithumi Apr 06, 2023 01:20 PM GMT
Sithumi

Sithumi

Report

උතුරු මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 196ක් ආනයනය කිරීම, සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා එල්ලවී සිටි විත්තිකරුවන් 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (06) නියෝග කර තිබෙනවා. 

 මෙම තීන්දුව ලබාදී ඇත්තේ ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි. 

 විත්තිකරුවන්ට එල්ලකර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවයි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරුන් සඳහන් කළේ. මෙම නඩුවේ දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙනිය විසින් ලබාදුන් සාක්ෂිය පිළිගත නොහැකි බව සඳහන් කළ අධිකරණය මෙම සිද්ධියට අදාළව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව ද පිළිගත නොහැකි බව පැවසුවා.

 මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදුකර ඇති ආකාරය සම්බන්ධයෙන් දැඩි විමතිය පළකර සිටි විනිසුරු මඩුල්ල, විමර්ශන නිසියාකාරව සිදුකර නොමැති බවත් පොලීසිය විසින් ඉදිරිපත් කළ සාක්ෂි එකිනෙකට පරස්පර බවත් සඳහන් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත්තේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී නොමැති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවයි. 

 2019 වසරේ අප්‍රේල් මස 21 වනදා ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 400ක් පමණ ඈත ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්කුඩු තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම විත්තිකරුවන් 05 දෙනා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව පවරනු ලැබුවා. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනුකර ලද ප්‍රථම මත්ද්‍රව්‍ය නඩුව මෙය වීමද විශේෂත්වයක්